තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන-අරාබි රාජ්‍ය සබඳතා නව මානයකට

    චීන-අරාබි රාජ්‍ය සබඳතා නව මානයකට

    “පළමු චීන-අරාබි රාජ්‍ය නායක සමුළුවේ රියාද් ප්‍රකාශය” එළිදැක්වෙයි.

    එම සමුළුව 9 වැනිදා සෞදි අරාබියේ රියාද් අගනුවරදී පැවැත්විණ. “චීන-අරාබි රාජ්‍ය නායක සමුළුවේ රියාද් ප්‍රකාශය” එහිදී නිකුත් කෙරිණ.
    නවයුගය උදෙසා පොදු ඉරණමක් සහිත චීන-අරාබි රාජ්‍ය සබඳතාවක් ගොඩනැගීමට දෙපාර්ශ්වයම එකඟ වූ බව එම ප්‍රකාශයේ දැක්වෙයි.

    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ සෞදි අරාබි අග්‍රාමාත්‍ය, එරට ඔටුන්න හිමි Muhammad bin Salman bin Abdel Aziz Al Saud කුමරු, ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi ඇතුළු අරාබි රාජ්‍ය ලීගයේ රටවල් 21 නායකයන් මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීහු රැසක් එම සමුළුවට සහභාගි වූහ.

    උපායමාර්ගික හවුල්කරුවන් ලෙස චීනය සහ අරාබි රාජ්‍යයන් අතර මිත්‍රත්වය ඉදිරියට ගෙන යා යුතු බවත්, සහයෝගිතා හා සමගිය ශක්තිමත් කර පොදු ඉරණමක් සහිත චීන-අරාබි ප්‍රජාවක් ගොඩනැගිය යුතු බවත් ෂී ජින්පිං මහතා එහිදී පැවැත්වූ දේශනයේ දී පැවසීය. දෙපාර්ශ්වයේ ජනතාවට ප්‍රතිලාභ ලබාදෙමින් මානුෂීය සංවර්ධන මෙහෙයුම තවදුරටත් තහවුරු කරන බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

     

    ස්වාධීනත්වය රැකගෙන, පොදු ජයග්‍රහණ ආරක්ෂා කළ යුතු බවත්, ආර්ථික සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් හෙතෙම පෙන්වාදෙයි.
    “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය මෙන්ම කලාපීය සාමය පිළිබඳව ද ජනාධිපතිවරයා අපේක්ෂා පළ කර ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img