Home special පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ප්‍රංශ-මොරොක්කෝ සහ ආජන්ටිනා-ක්‍රොයේෂියාව

පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ප්‍රංශ-මොරොක්කෝ සහ ආජන්ටිනා-ක්‍රොයේෂියාව

0
පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ප්‍රංශ-මොරොක්කෝ සහ ආජන්ටිනා-ක්‍රොයේෂියාව

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීමට ප්‍රංශය, මොරොක්කෝව, ආජන්ටිනාව සහ ක්‍රොයේෂියාව සමත් වී තිබේ.

ප්‍රංශය සහ එංගලන්තය අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද(11) අලුයම පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ගෝල 2-1ක් ලෙස ප්‍රංශය ජයගත්තේය.

මෙවර ලෝක කුසලානයේ සත්කාරක රට ලෙස කටාර් රාජ්‍ය කටයුතු කරන අතර තරග නැරඹීම සඳහා ලක්ෂ සංඛාත විදෙස් පාපන්දු ලෝලීන් පිරිසක් මේ වනවිට කටාර් රාජ්‍යට පැමිණ සිටිති.

එංගලන්තය පමණක් නොව පෘතුගාලය,නෙදර්ලන්තය සහ බ්‍රසීලයට අර්ධ අවසන් පූර්ව තරගවල ලද පරාජයන් හමුවේ ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවිය. පෘතුගාල ක්‍රීඩක ක්‍රිෂ්ටියානෝ රොනාල්ඩෝට මෙන්ම බ්‍රසීල ක්‍රීඩක නෙමාර් ද සිල්වා ඇඬූ කඳුලින් ලෝක කුසලානයෙන් ඉවත්ව යන අයුරු ඔවුන්ගේ රසිකයන්ගේ ද නෙත් කඳුලින් තෙත් කළ බව නොරහසකි.

කෙසේ වෙතත් කාටාර් 2022 ලෝක පාපන්දු සිහිනයට ළගාවීමට සුදුසුකම් ලද අවසන් කණ්ඩායම් හතර ලබන 14 හා 15 දෙදින අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට මුහුණදෙයි.

ඒ අනුව දෙසැම්බර් 14 වැනිදා අලුයම ආජන්ටිනාව සහ ක්‍රොයේෂියා අතර තරගයත්, දෙසැම්බර් 15 වැනිදා ප්‍රංශය සහ මොරොක්කෝව අතර තරගයත් පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here