තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලුණු මිශ්‍ර කර පොහොර විකුණූ 06 ක් ටොන් 40ක පොහොර සමඟ අල්ලයි

    ලුණු මිශ්‍ර කර පොහොර විකුණූ 06 ක් ටොන් 40ක පොහොර සමඟ අල්ලයි

    රජයෙන් නිකුත් කරනු ලබන MOP පොහොරවලට (රතු කුඩුවලට) ප්‍රමිතියෙන් බාල ලුණු මිශ්‍ර කර නැවත රජයේ ඇසුරුම්වලට ඇසුරුම් කර අලෙවි කිරීමේ ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙළිකරගෙන තිබේ.

    නින්දවූර්, අට්ටපලම් ප්‍රදේශයේ පිහිටි පොහොර වලට ලුණු මිශ්‍රකරන ස්ථානයක් විශේෂ කාර්ය බලකායේ තිරුක්කෝවිල් කදවුරේ නිලධාරීන් විසින් ඊයේ (24) වටලා ඇත. එම ස්ථානයේ තිබී ලුණු මිශ්‍රකර තිබුණු පොහොර කිලෝ ග්‍රෑම් 38,650 (ටොන් 40 ක් පමණ) ක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අම්පාර දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂ නිලධාරී වෙත සැකකරුවන් පොහොර තොගය සමඟ භාර දී ඇත

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ වැඩ බලන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.කේ. කන්නන්ගර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img