Home special නෙතන්යාහුගේ පොරොන්දුව ගැන ජනපති සෙලෙන්ස්කි උනන්දු වෙයි

නෙතන්යාහුගේ පොරොන්දුව ගැන ජනපති සෙලෙන්ස්කි උනන්දු වෙයි

0
නෙතන්යාහුගේ පොරොන්දුව ගැන ජනපති සෙලෙන්ස්කි උනන්දු වෙයි

ඊශ්‍රායල මැතිවරණ ප්‍රතිඵල අනුව අලුතින් පත්වීමට නියමිත අග්‍රමාත්‍යවරයා වන බෙන්ජමින් නෙතන්යාහු යුක්රේනයට ගුවන් ආරක්ෂක පද්ධතියක් ලබා දෙනු ඇතැයි යුක්රේන ජනපති වොඩ්මියර් සෙලෙන්ස්කි විශ්වාසය පළ කර ඇත.

යුක්රේන ජාතික ප්‍රවෘත්ති සේවය ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබේ.

“බෙන්ජමින් නෙතන්යාහු සමඟ මා කළ අවසන් සංවාදයේදී මම ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ගුවන් ආරක්ෂක පද්ධති සඳහා අපට උදව් කරන ලෙසයි. නෙතන්යාහු මට පැවසුවේ එම ඉල්ලීම බැරෑරුම් ලෙස සලකා බලන බව” යැයි සෙලෙන්ස්කි ප්‍රකාශ කර කර ඇත.

මැතිවරණයට පෙර නෙතන්යාහු පැවසුවේ රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය සම්බන්ධයෙන් ඊශ්‍රායල ප්‍රතිපත්තිය නැවත පරීක්ෂා කිරීමට මෙන්ම සෙලෙන්ස්කිගේ හමුදාවට වඩාත් වැදගත් ආරක්ෂක උපකරණ සැපයීමේ හැකියාව පිළිබඳව තමන් අදහස් කරන බව යැයි ද එහි සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here