තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිරුණිකා අත්අඩංගුවට

    හිරුණිකා අත්අඩංගුවට

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මහත්මිය කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ සමගි ජනබලවේගයේ ක‍්‍රියාකාරීන් පිරිසක් සංවිධානය කර තිබු විරෝධතාවක් අතරතුර අද නොසන්සුන් තාවයක් ඇතිවීමෙන් අනතුරුවයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

    මෙම විරෝධතාවය කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා පැවැත්වීමට නියමිතව තිබුණේ කාන්තා හිංසනය පිටුදැකීම සඳහායි.

    විරෝධතාකරුවන් කිහිප දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගැනීමත් සමග නොසන්සුන්තාවයක් ඇතිවිය.

    පසුව කුරුදුවත්ත පොලිසිය ඉදිරිපිට මෙම පිරිස විරෝධතාවයේ යෙදෙද්දී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img