Home උණුසුම් පුවත් අලුත් බද්ද නිසා ඉදිරි මාසවල බඩු මිල ඉහළයාමක්!

අලුත් බද්ද නිසා ඉදිරි මාසවල බඩු මිල ඉහළයාමක්!

අලුත් බද්ද නිසා ඉදිරි මාසවල බඩු මිල ඉහළයාමක්!

ඉදිරි මාසවල දී ආහාර සහ ආහාර නොවන බඩු මිල ඉහළ යෑම කෙරෙහි රජය විසින් පසුගියදා පැනවූ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යම් බලපෑමක් ඇති කළ හැකි බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

2022 ඔක්තෝබර් 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙම බද්ද පනවා ඇත.

විදුලි ගාස්තු සහ ජල ගාස්තු ඉහළ යෑම බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම කෙරෙහි මෙය බලපානු ඇති බව මහබැංකුව විසින් නිකුත් කරන ලද මෑතකාලීන ආර්ථික ප්‍රවණතා (2022 සුවිශේෂ සිදුවීම් සහ 2023 අපේක්ෂා) නවතම වාර්තාව මගින් මේ බව අනාවරණය කර ඇත.

මෙම බද්ද හේතුවෙන් පොදු මිල මට්ටම තවදුරටත් ඉහළ යා හැකිය.

මිල ඉහළ දැමීම් මඟින් ඇති වූ බලපෑම, මෑතකාලීන මිල පහළ දැමීම් මගින් මිල මත ඇති වූ බලපෑමට වඩා වැඩි බව ද මහහබැංකුව කියයි.

ඒ අනුව පාරිභෝගික මිල දර්ශකවල වැඩිවීමේ මන්දගාමීත්වයක් ඉදිරියේ දී අපේක්ෂා කිරීමට අපහසු බව ද එම වාර්තාවේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here