තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF අයවැයට සම්බන්ධවන හැටි ජනපති කියයි (🎥)

    IMF අයවැයට සම්බන්ධවන හැටි ජනපති කියයි (🎥)

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම සාකච්ඡා මට්ටමේ පවතින කරුණු සම්බන්ධයෙන් අවසන් එකඟතාවය පැමිණෙන තුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    අදාළ සාකච්ඡා අවසන්වනතුරු එය ප්‍රසිද්ධ නොකරන්නැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉල්ලා ඇතැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය. සමගි ජනබලවේගයේ මන්ත්‍රී විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අය-වැය ට පෙර IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා දැයි ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ හෙතම මේ බව අනාවරණය කළේය.

    IMF ගිවිසුමටත් අදාළව අය-වැය සැකසෙන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඒ අනුව තීරණය කළ යුතුව ඇත්තේ ජනතාවට වැඩිපුර බදු දානව ද ?, වක්‍ර බදු දානව ද ? සෘජු බදු අයකිරීම්වලට යනවා ද ? සහ ආණ්ඩුවේ වියදම් පාලනය කරනවා ද ? යන්න යැයි ප්‍රකාශ කළේය.

    මේ අතර නොවැම්බර් මස තුළ චීනය සහ ඉන්දියාව සමඟ IMF ගිවිසුමට අදාළ සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තුවන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ගිවිසුමට අදාළව රජය ඉල්ලා සිටි ඇතැම් සංශෝධනයන් සම්බන්ධයෙන් දැනට පවතින සාකච්ඡා අවසානයේ එම ගිවිසුම වෙනස්වීම හෝ නොවෙනස්වීම තීරණය වන බව කියා සිටියේය.

    IMF කළමනාකාර අධ්‍යක්ෂතුමිය මෙන්ම ලෝක බැංකුවේ සභාපතිතුමා හමුවී ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය දා හැකියාව ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී පැවසීය. ඒ අනුව සුබවාදී බලාපොරොත්තුවක් තිබෙන බවට ජනාධිපතිවරයා මෙහි දී විශ්වාසය පළ කළේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img