Home උණුසුම් පුවත් අග්‍රහාරයේ ලක්ෂ 57කට විද්ද සහකාර කළමනාකාරිනිය අත්අඩංගුවට

අග්‍රහාරයේ ලක්ෂ 57කට විද්ද සහකාර කළමනාකාරිනිය අත්අඩංගුවට

0
අග්‍රහාරයේ ලක්ෂ 57කට විද්ද සහකාර කළමනාකාරිනිය අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස්කර ජාතික රක්ෂණභාර අරමුදල් මණ්ඩලයේ රුපියල් 5,746,541 මුදලක් වංචා සහගතව ලබාගත් බව කියන එම මණ්ඩලයේ සහකාර කළමනාකාරවරියක්ව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සහකාර කළමනාකාරිනිය වයස අවුරුදු 33ක තැනැත්තියකි. බණ්ඩාරගම රයිගම පදිංචිකාරියක් වන ඇය විසින් ව්‍යාජ ලේඛන සකස්කර මෙම මුදල් වංචාකර ඇත්තේ ඇගේ ඥාතීන් 05 දෙනෙකුගේ බැංකු ගිණුම් වලට මුදල් බැරකරමිනි.

ඇගේ මව, පියා, පුරුෂයාගේ සහෝදරයා, මවගේ නැගණිය සහ මවගේ නැගණියගේ ස්වාමිපුරුෂයා ඒ අතර සිටින බව වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

මවගේ නැගණියත් ඇගේ ස්වාමිපුරුෂයාත් පොලිස් නිලධාරීන්ය.

2018 වසරේ සිට අවස්ථා 13 කදී මුදල් එම බැංකු ගිණුම්වලට බැරකරමින් මෙම වංචාව කර ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.

මෙම වංචාව අභ්‍යන්තර විගණනනයකදී හෙළිවීමත් සමඟ ඒ ගැන කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලිකර ඇත්තේ ජාතික රක්ෂණභාර අරමුදල් මණ්ඩලයේ මානව සම්පත් සහ පරිපාලන කළමනාකරු විසිනි. ඒ පසුගිය සැත්තැම්බර් 28 වෙනිදාය.

මෙවැනි තවත් වංචා සිදුව තිබේදැයි සොයා එහි අභ්‍යන්තර විගණනය මේ වන විට පුළුල්කර ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here