fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මූල්‍ය වංචාවකට මහ කොමසාරිස් කාර්යාලයක ප්‍රබලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

    මූල්‍ය වංචාවකට මහ කොමසාරිස් කාර්යාලයක ප්‍රබලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

    ඉඩමක් මිලදී ගෙන අගරු චෙක්පත් ලබාදී කර ඇති වංචාවක් සම්බන්ධයෙන් දකුණු ආසියාතික කලාපයේ රටක නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයක සේවයේ නිතර ප්‍රධානියෙකුව අත්අඩංගුවට ගැනීමට කොළඹ වංචා විමර්ශන කාර්යංශය පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

    එසේ අත්අඩංගුවට ගැනීමට නියමිත මහ කොමසාරිස් කාර්යාල නිලධාරියා මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    මහනුවර පදිංචි පුද්ගලයෙකුට අයත් වටවල පිහිටි ඉඩමක් රුපියල් කෝටි දෙකකට මිලදී ගෙන කෝටියක අගුරු චෙක්පත් ලබාදෙමින් එම වංචාව කර ඇති බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.