තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඒකාබද්ධ පාගමන අද කොළඹදී

    ඒකාබද්ධ පාගමන අද කොළඹදී

    විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඒකාබද්ධව අද(02) කොළඹදී ඒකාබද්ධ විරෝධතා පාගමනයක් සහ රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව, අයිතීන් වෙනුවෙන්, ඒකාබද්ධ විරෝධතා රැළිය හා පාගමන පැවැත්වේ.

    මෙම විරෝධතා පාගමන අද සවස 3:00ට, මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතය.

    කොටුව දුම්රිය පොළ දක්වා එය ගමන් ගැනීමට සැලසුම් කර තිබේ.

    ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ නිදහස ජාතික සභාව යන දේශපාලන පක්ෂ ද ඊට එක්වීමට නියමිත බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img