fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අද එනවාමයි" - සජිත්

    “අද එනවාමයි” – සජිත්

    අද(02) පැවැත්වෙන ඒකාබද්ධ පාගමනට සමගි ජන බලවේගය නැතැයි ඇතැමුන් ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, තමන් ඇතුළු සමගි ජන බලවේගය ඊට පූර්ණ සහය සහ දායකත්වය ලබාදෙන බවත් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී ඊයේ (01) අත්සන් තැබීය.

    එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ, මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවයි.

    තනි තනිව, පටු න්‍යායපත්‍රවලින් මේ රට ගොඩනැඟිය නොහැකි බව ද හෙතෙම කියාසිටී.

    සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ ඇතුළු පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කොට ඇත්තේ කිසිදු චෝදනාවක් නොමැතිව බවත්, පවතින මර්දනයට මුහුණ දීමට නම් සියලු දෙනාම එක්ව එක අරමුණකින් කටයුතු කළ යුතු බවත්, සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    අද පැවැත්වෙන්නේ සාමකාමී පා ගමනක් බව පැවසූ විපක්ෂ නායකවරයා එය මර්ධනය කිරීමට ආරක්ෂක අංශ සූදානම්ව සිටිනවානම් වහා එම ක්‍රියාමාර්ග ඉවත් කර ගන්නා ලෙස ද අවධාරණය කළේය.

    සාමකාමී විරෝධතාවයට කිසිවකු අත තබන්නේනම් ඊට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.