fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සජිත්ගේ වේදිකාවේ ජීවන් තොණ්ඩමන් වාඩිවෙයි (🎥📸)

    සජිත්ගේ වේදිකාවේ ජීවන් තොණ්ඩමන් වාඩිවෙයි (🎥📸)

    විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැති නුවරඑළිය හැටන් දමිළ ප්‍රගතිශීලී පෙරමුණේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ද එක්ව ඇත.

    දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයේ උප සභාපති සහ නුවරඑළිය දිස්ත‍්‍රික් සමගි ජන බලවේගයේ පා.ම. පලනි දිගම්බරම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කොට තිබූ අතර එම සන්ධානයේ සභාපති මනෝ ගනේෂන් මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ජනාධිපතිකම් අගමැතිකම් වෙනුවෙන් ජාතිවාදී කල්ලියකට යටත් වී ජනතාව පාවා දුන්නේ නැහැ.යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම උත්සවය අමතා ප්‍රකාශ කළේය.

    ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරයාගේ පැමිණීමත් සමඟ සභාව මිනිත්තු කිහිපයක් ඔහුට දක්වන ප්‍රතිචාර වලටම වෙන්ව තිබිණි.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.

    තමන් එදා ජනාධිපතිධුරය හෝ අගමැතිධුරය භාර ගත්තානම් පොහොට්ටුවේ රැකවලෙකු වන්නට සිදු වන බවත්,ජාතිවාදී ආගම්වාදී කල්ලියකට නතු වන්නට සිදු වන බවත්,ජාතිවාදියෙකු ඉදිරියට ගොස් දිවුරුම් දෙන්නට සිදුවන බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා , තමන් කිසි විටෙකත් එවැන්නකට සූදානම් නොවූ බවට විශ්වාසය පළ කළේය.

    ඒ සියල්ලට වඩා තමන්ගේ ආත්ම ගෞරවය තමන්ට වටින බව පැවසූ විපක්ෂ නායකතුමා,තනතුරුවලට ආත්මය පාවා නොදෙන ගමනක් යන බවද පැවසීය.

    අළු මතින් නැගිටින්නට හදන අයට එන මැතිවරණයේදී ජනතාව නිසි පාඩම උගන්වනු ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා,දස ලක්ෂ ගණනින් මේ රටේ ජනතාව සමගි ජන බලවේග සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා සැදී පැහැදී සිටින බව සඳහන් කළේය.

    කඳුරට වතුකරයේ ජීවත්වන ජනතාව හැමදාම කම්කරුවන් ලෙස තබා ගන්නට ඇතැමුන් කැමති බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා, සමගි ජන බලවේගය රජයක් යටතේ එය සම්පූර්ණයෙන්ම වෙනස් කරන බවත් ඔවුන්ට ඉතා යහපත් ජීවන තත්ත්වයක් උදා කරදීම වෙනුවෙන් ඇප කැප වන බවත් පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. දැන් කවිද තොන්ඩමන් කියන්නෙ කවිද සජිත් කියන්නෙ මෙික නුගත් මෝඩ හරකෙක් රට වටෙි යනව බොරැ කිය කිය මිනිස්සු දුක් විදිනව කියල ඒකට මාසෙකට රජයෙන් මොන තරමි මුදලක් දෙනවද ඒකගෙ වියදමි වලට ඉතින් එහෙම එකෙක් තමයි මෙි බයිල ගහන්නෙ මුන් පස්සෙ ගියා කියල යන එවුන්ට සෙතකුත් මෙවිව තොපිට වැඩකුත් නැහැ මුන් ඔක්කොම හොරැ

    Leave a Reply to MmCancel reply