fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යල කන්නයේ දී මඩ පොහොර නොමිලේ

    යල කන්නයේ දී මඩ පොහොර නොමිලේ

    ඉදිරි යල කන්නයේ දී වී වගාවට අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක ආධාරයක් ලබා දීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනය එකඟතාවය පළ කර තිබේ.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ඒ අනුව ලබන යල කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර ගොවීන්ට නොමිලයේ ලබාදීමට පියවර ගන්නා බවයි.

    මෙවර මහ කන්නයේ දී මුලික පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර ලබාදීම සඳහා මුදල් ප්‍රතිපාදන සොයා ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.