තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුසල්ගේ ප්‍රහාරයෙන් ලංකාව සුපිරි 12 වටයට

    කුසල්ගේ ප්‍රහාරයෙන් ලංකාව සුපිරි 12 වටයට

    නෙදර්ලන්තය සමග පැවැති තරගයෙන් ලකුණු 16ක තියුණු ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට පිවිසීමට අද (19) අවස්ථාව හිමිකර ගත්තේය.

    පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 162ක් ලබා ගත් අතර ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 44කදී ලකුණු 79ක් ලබාගත්තේය.

    කුසල්ගේ ඉනිමට 4 පහරවල් 5ක් සහ 6 පහරවල් 5ක් අන්තර් ගත විය. කුසල් හැරුණුකොට ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ චරිත් අසලංකයි. ඔහු පන්දු 30කදී ලකුණු 31ක් හිමිකර ගත්තේය. භානුක රාජපක්ෂ 19(13) හැරුණුකොට අනෙක් ක්‍රීඩකයන්ට ලකුණු 10 සීමාවට හෝ ළඟාවීමට නොහැකි විය.

    ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි. වනිදු හසරංග ගේ පන්දු යැවීම හමුවේ නෙදර්ලන්ත බලාපොරොත්තු සුනු විසුණු විය. පන්දුවාර 4කදී වනිදු ලකුණු 28කට කඩුලු 3ක් බිඳ දැමුවේය.

    ශ්‍රී ලංකාව 162/6 (20)

    නෙදර්ලන්තය 146/9 (20)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img