තවත්
    මුල් පිටුවspecialශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව දෙවන Eco භාණ්ඩ ප්‍රවාහන හයිබ්‍රිඩ් නෞකාව නෝර්වේට

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව දෙවන Eco භාණ්ඩ ප්‍රවාහන හයිබ්‍රිඩ් නෞකාව නෝර්වේට

    දෙමුහුන් (Hybrid) තාක්‍ෂණයෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව දෙවන පරිසර හිතකාමී (ECO) තොග ප්‍රවාහන නෞකාව පෙරේදා (21) භාරදී තිබේ.

    MV MISJE VITA නමැති මෙම නෞකාව කොළඹ නැව් තටාකාංගනයේදී (COLOMBO DOCKYARD PLC-Sri Lanka) නිෂ්පාදනය කරන ලද පළමු හයිබ්‍රිඩ් නෞකාව වීම ද විශේෂත්වයකි.

    නෝර්වේ ධජය යටතේ නෝර්වේ රාජ්‍යය සඳහා ඉදිකරන ලද්දක් වන මෙම MV MISJE VITA- (IMO: 9927421) නෞකාව 5000DWT ධාරිතාවක භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් සකස් කරන ලද තොග වාහකයක් (Bulk Carrier) වේ.

    නෝර්වේ රාජ්‍යයේ Misje Eco Bulk AS හි නැව් හිමි සමූහයේ කොටසක් වන Kåre Misje & කෝපරේෂන් වෙතින් ශ්‍රී ලංකාවේ කොළඹ නැව් තටාකාංගනයෙන් මෙවැනි හයිබ්‍රිඩ් තොග ප්‍රවාහන නෞකා (EcoBulkCarrier)10 ක් ඇණවුම් කර තිබේ.

    මෙම සෑම යාත්‍රාවක්ම බැටරි පද්ධතියක් හරහා අමතර බලයක් සපයන විද්‍යුත් දෙමුහුන් පද්ධතියක් (Hybrid) සහිත සිව්-පහර ඩීසල් එන්ජිමකින් බලගැන්වේ.

    නෞකාවේ සමස්ත දිග (LOA) මීටර් 90 ක් වන අතර පළල මීටර් 16 කි.

    මෙම නෞකාව නිෂ්පාදනය කර ඇත්තේ වඩාත්ම ලාභදායී, පුරෝකථනය කළ හැකි, ආරක්ෂිත සහ පරිසර හිතකාමී සමුද්‍ර ප්‍රවාහන සේවාවක් සඳහා වන දැක්ම ඔස්සේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img