Home උණුසුම් පුවත් රුසියානු ආරක්ෂක උපදේශක ගුවන් හමුදාපති හමුවෙයි

රුසියානු ආරක්ෂක උපදේශක ගුවන් හමුදාපති හමුවෙයි

0
රුසියානු ආරක්ෂක උපදේශක ගුවන් හමුදාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ බොන්ඩරෙව් මහතා ගුවන් හමුදා මූලස්ථානයේ දී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.

මෙවැනි හමුවක් ඊයේ (21) පැවැති බව ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ අද (22) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම නිල හමුවේදී දෙරටේ ගුවන් හමුදාවන් අතර පවත්නා දිගු කාලීන සබදතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කළ බව සඳහන්ය.

දැනට රුසියාව සහ යුක්රේනය උග්‍ර යුද ගැටුමක නිරතව සිටින දෙස් විදෙස් අවධානය ඒ කෙරේ යොමු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here