Home උණුසුම් පුවත් රන් මාල කැඩූ කොස්තාපල් අත්අඩංගුවට

රන් මාල කැඩූ කොස්තාපල් අත්අඩංගුවට

0
රන් මාල කැඩූ කොස්තාපල් අත්අඩංගුවට

යතුරුපැදිය නැගී සැරිසරමින් මහමඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ලකෑ පොලිස් නිලධාරියෙකුව පනාමුරේදී කොටුවී තිබේ.

ඒ පනාමුර පොලිස් වසමේ දිගින් දිගටම සිදුවූ රන් මාල කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෛන් කළ විමර්ශනයකදීය.

කල්තොට පොලීසියට අනුයුක්තව කූරගල මුරපොලේ සේවය කරන එම පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය. ඔහු 32 හැවරදි යේ පසුවන්නෙකි.

මෙම පොලිස් නිලධාරියා විසින් යතුරු පැදියක ගමන් කරමින් කන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ලකෑම් රැසක් සිදුකර ඇති බව හෙළිවී තිබේ.

පනාමුර පොලිස් ස්ථානයට පසුගිය අගෝස්තු 19 වෙනිදා වාර්තා වූ රුපියල් 138,000තක් වටිනා රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකෑම, අගෝස්තු 24 වෙනිදා කටුවන පොලීසියට වාර්තා වී ඇති ලක්ෂයකට අධික වටිනාකමක් ඇති රන් මාලයක් කොල්ලකෑම, සැත්තැම්බර් 08 වෙනිදා පනාමුර පොලිස් ස්ථානයට වාර්තා වූ රුපියල් ලක්ෂ 02ක් වටිනා රන් මාලය කොල්ලකෑම සිදුකර ඇත්තේ මෙම නිලධාරියා බව අනාවරණය වී තිබේ. කොල්ලකෑම් සඳහා ගමන් කළ යතුරු පැදියද පොලීසිය සොයාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here