තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආසියානු කුසලාන ක්‍රිකට් සටනේ හොඳටම පන්දු රැක්ක අශේන් බණ්ඩාරට පොලීසියෙන් උපහාර

    ආසියානු කුසලාන ක්‍රිකට් සටනේ හොඳටම පන්දු රැක්ක අශේන් බණ්ඩාරට පොලීසියෙන් උපහාර

    මෙවර ඩුබායි හී පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී අති දක්ෂ අන්දමින් පන්දු රකිමින් හොඳම උඩපන්දුව රැකගන්නා ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අශේන් බණ්ඩාර ක්‍රීඩකයාය.

    ඔහුගේ ඒ දක්ෂ රැකීම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතකට රැගෙන ගිය බවට විවාදයක් නැත. මෙම තරගාවලියේ තමන්ට හිමි ප්‍රථම අවස්ථාවේදී වැඩ පෙන්වා සම්මානයට ලක්වූ අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

    මේ නිසාම ශ්‍රී ලංකා පොලීසිය සිය සඟයාව පිළිගැනීමට ඊයේ උත්සවයක් සංවිධානයකර තිබුණේ බම්බලපිටියේ පිහිටි පොලිස් ක්‍රීඩාංගනයේදීය.

    පොලිස් වෛද්‍ය සේවා, සුබසාධන හා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය යන අංශ භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් ක්‍රීඩා අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර යන මහත්වරු ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උණුසුම් පිළිගැනීමේ උත්සවය පැවැත්විණි.

    ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම මේ වන විට අශේන්ට බණ්ඩාරට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය නියෝජනය කළ හා කරන ක්‍රීඩකයන් වන කුසල් ජනිත් පෙරේරා, නුවන් ප්‍රදීප් සහ චාමර සිල්වා යන ක්‍රීඩකයන්ගෙන් සන්නද්ධ ය.

     

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img