Home උණුසුම් පුවත් ජගත් මානව හිමිකම් සැසිවාරය අද ඇරඹේ – විදේශ ඇමතිත් සැසිය අමතයි

ජගත් මානව හිමිකම් සැසිවාරය අද ඇරඹේ – විදේශ ඇමතිත් සැසිය අමතයි

ජගත් මානව හිමිකම් සැසිවාරය අද ඇරඹේ – විදේශ ඇමතිත් සැසිය අමතයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද (12) ආරම්භවීමට නියමිතව තිබේ.

මෙම සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් එක්වීමට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යවරයා අද මෙම සැසිවාරය ඇමතීමට ද සැලසුම් කර තිබේ.

මානව හිමිකම් ප්‍රවර්ධන සහ ආරක්ෂා කිරීම සඳහා වගකීමට බැඳී සිටින ලොව පුරා රටවල් 47 කින් මෙය සමන්විත ය.

යම් රටක මානව හිමිකම් උල්ලංගනය වන අවස්ථාවන්හීදී එම ගැටලු සාකච්ඡා කොට ඒවා විසඳා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් බලකිරීම මෙන්ම ඒ ඒ සාමාජික රටවල් මානව හිමිකම් ප්‍රවර්ධනය, පවතින තත්ත්වයන් යනාදිය වාර්ෂිකව සමාලෝචනයක් ද මෙහිදී සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here