Home උණුසුම් පුවත් එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට ජනපතිත් ලන්ඩනයට

එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට ජනපතිත් ලන්ඩනයට

එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට ජනපතිත් ලන්ඩනයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය හමු වී අද (11) පෙරවරුවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණ දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය විසින් පිළිගනු ලැබුවාය.

අනතුරුව එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග්‍රන්ථයෙහි ශෝක සටහනක් තැබු රනිල් වික්‍රමසිංහ මහතා දෙවන එළිසබෙත් මහ රැජිණ දශක 07ක් පුරා ලෝක ජනතාව වෙනුවෙන් ඉටු කළ මහඟු සේවය ඇගයීමට ලක් කළේය.

ලබන 19 වනදා ලන්ඩනයේ, වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී පැවැත්වෙන එළිසබෙත් මහා රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here