Home උණුසුම් පුවත් උත්තර ලංකා සභාගය හැටියට ඉදිරි මැතිවරණයට තරග කරනවා – නායක විමල් වීරවංශ

උත්තර ලංකා සභාගය හැටියට ඉදිරි මැතිවරණයට තරග කරනවා – නායක විමල් වීරවංශ

0
උත්තර ලංකා සභාගය හැටියට ඉදිරි මැතිවරණයට තරග කරනවා – නායක විමල් වීරවංශ

උත්තර ලංකා සභාගය හැටියට ඉදිරියේ එන සෑම මැතිවරණයකටම තරග කරනවා යැයි උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවේ දී පැවැසීය.

පොහොට්ටුව සමඟ එක්වන්නේදැයි කළ විමසීමේ දී එය ප්‍රතික්ෂේප කළ විමල් වීරවංශ මහතා එවැනි පක්ෂවල සිටින යම් සුජාතභාවයක් තිබෙන පිරිස උත්තර සභාගයට පිළිගන්නා බව ප්‍රකාශ කළේය.

බොරැල්ල රාජගිරිය පාරේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා මෙසේ ද පැවැසීය.

උත්තර ලංකා සභාගය හැටියට අපි ඉදිරියේ එන සෑම මැතිවරණයකටම තරග කරනවා. ඒ වගේම උත්තර ලංකා සභාගයට පොහොට්ටුව කියන පක්ෂය සම්බන්ධ කරගන්න අපේ කිසිම සූදානමක් හෝ අදහසක් නැහැ. නමුත් ඒ කණ්ඩායම් ඇතුලෙ ඉන්න යම් යම් සුජාත භාවයක් තියෙන පිරිස් ඒ කයන්නෙ අපත්‍ය කෑමක් කෑවොත් ඔක්කාරයට එන පිරිස්. සමහරු ඉන්නවා නේ අපත්‍ය කෑමත් කිසිම ඔක්කාරයක් නෑ ඒකත් හොඳට දිරවන කට්ටිය. එහෙම නැති පිරිස් ඉන්නවා නේ. අන්න ඒ අය ආවොත් අපි සාධරයෙන් පිළිගන්නවා. හැබැයි කවුරු එකතුකරගෙන වුණත් ඒ ප්‍රගතිශීලි බලවේග අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එකඟ වෙන්න ඔන. මේකත් එක්ක තමයි එකතුවෙන ඔනෑම කෙනෙක් එකතු වෙන්න ඔන. මේක තමයි මූලික පදනම. ඒක අතට අරන් නේ මේ වැඩේ අපි පටන් අරගෙන තියෙන්නෙ. ඒ නිසා ඔය කියන පොහොට්ටුවක් මොකක්වත් සම්බන්ධ නෑ. අපි උත්තර ලංකා සභාගය හැටියට අනිවාර්යයෙන් තරග කරනවා යැයි කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here