Home උණුසුම් පුවත් කෑගල්ලේ සජබ කාර්යාලයේ වෙඩි පත්තුවීමකින් කාන්තාවක් මරුට

කෑගල්ලේ සජබ කාර්යාලයේ වෙඩි පත්තුවීමකින් කාන්තාවක් මරුට

0
කෑගල්ලේ සජබ කාර්යාලයේ වෙඩි පත්තුවීමකින් කාන්තාවක් මරුට
Yellow crime scene do not cross barrier tape in front of defocused background. Horizontal composition with selective focus and copy space.

කෑගල්ල සමගි ජන බලවේගයේ සංවිධායක ලක්ෂමන් දිසානායක මහතාගේ කෑගල්ල කලුගල්ල පාරේ පිහිටි කාර්යාලය තුළදී අද උදෑසන සිදුවූ වෙඩි පත්තුවීමකින් කාන්තාවක් මියගොස් ඇත.

කාර්යාලයේ සේවිකාවක් වන ඇය හබුදුගල පදිංචි 36 වියැති සකුන්තලා වීරසිංහ නැමැති තැනැත්තියකි.

ඇය අවිවාහක තැනැත්තියක් බව පොලීසිය කියයි.

අද උදෑසන ඇය කාර්යාලයට පැමිණ ඇත්තේ සංවිධායක ලක්මන් දිසානායක සමග බවත් වෙඩි පත්තූ වී ඇත්තේ 0.38 වර්ගයේ පතොරම් යොදන අවියකින් බවත් පොලීසිය කියයි.

කාර්යාලයේ පිටුපස කොටසේ ඇති කාමරයක ඇඳක් මත වෙඩි වැදීම සිදුව ඇති බව පොලීසිය කියයි.

ඇයට වෙඩි වැදී ඇත්තේ පපු ප්‍රදේශයටය. ගිනි අවියත් එම ස්ථානයේ වැටී තිබී හමුවී ඇත.

කිසියම් අයක් විසින් ඇයට වෙඩි තැබුවාද නැති නම් ඇය වෙඩි තබා ගත්තාද යන්න පිළිබදව විමර්ශනයක් පැවැත්වෙන බව පොලීසිය කියයි.

ඇය වෙඩි තබා ගත්තේ නම් කාර්යාලයට ගිනි අවියක් ආවේ කෙසේදැයි යන්න පිළිබදව ද වෙනම විමර්ශනයක් පැවැත්වීමට සිදුවන බවත් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here