තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගෝස්තුවේ ආහාර උද්ධමනය 93.7%ක් දක්වා ඉහළ ගිහින්

    අගෝස්තුවේ ආහාර උද්ධමනය 93.7%ක් දක්වා ඉහළ ගිහින්

    ගෙවුණු මාසයේ උද්ධමනය 64.3%ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. එය ජුලි මාසයේ පැවතියේ 60.8%ක් ලෙසයි.

    ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන භාණ්ඩ මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා හේතු විය.

    ඒ අනුව, ආහාරවල මිල ඉහළයාම ගෙවුණු ජූලි මාසයේ පැවති 90.9%හි සිට අගෝස්තු මාසයේ දී 93.7% දක්වා ඉහළ ගොස් ඇත.

    ආහාර නොවන භාණ්ඩවල උද්ධමනය ජූලි මාසයේ පැවති 46.5%හි සිට අගෝස්තු මාසයේ දී 50.2% දක්වා ඉහළ ගියේය.

    2022 අගෝස්තු මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 2.45ක් ලෙස වාර්තා වී ඇත. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 0.83කින් සහ සියයට 1.62කින් ඉහළ යෑම මේ සදහා හේතු විය.

    ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, නැවුම් මත්ස්‍ය, පලතුරු, පාන්, බිස්කට්, බිත්තර සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගියේය.

    එසේ වුවද, සහල් සහ පරිප්පු මිල ගණන්වල පහළ යෑමක් මෙම මාසය තුළ දී වාර්තා විය.

    මේ අතර, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 අගෝස්තු මාසයේ දී, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (විදුලි බිල සහ නඩත්තු කටයුතු/පිළිසකර කිරීම්), ප්‍රවාහන (පාසල් ප්‍රවාහන ගාස්තු සහ ගුවන් ගමන් ගාස්තු), රෙදිපිළි සහ පාවහන් සහ විවිධ භාණ්ඩ සහ සේවා යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img