Home special මිකායිල් ගොර්බචොව් සමුගනී

මිකායිල් ගොර්බචොව් සමුගනී

0
මිකායිල් ගොර්බචොව් සමුගනී

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන හිටපු ජනාධිපති මිකායිල් ගොර්බචොව් අභාවප්‍රාප්ත වී ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

91 හැවැරිදි ගොර්බචොව් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.

සෝවියට් දේශය හා බටහිර රටවල් අතර සබඳතා ඇති කළ නායකයකු ලෙස ප්‍රකට මිකායිල් ගොර්බචොව් 1990 මාර්තු 15 වැනිදා සිට 1991 දෙසැම්බර් 25 තෙක් සෝවියට් සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

1991 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට කැඩී යාම වළක්වා ගැනීමට ඔහුට නොහැකිවීම නිසා ගොර්බචොව්ගේ ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිපත්ති සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට කැඩීයාමට හේතු වූ බව ඇතැම් රුසියානුවන්ගේ අදහසයි.

බටහිර රටවල් අතර යහපත් සබඳතා පවත්වාගැනීම වෙනුවෙන් 1990 දී නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලැබූ මිකායිල් ගොර්බචොව් මාක්ස් ලෙනින් වාදියෙකි.

මිකායිල් ගොර්බචොව් ගේ අභාවය දැනගත් වහාම රුසියානු ජනාධිපති වැලැදිමිර් පූටින් ශෝක ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here