තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති හමුවූ IMF කණ්ඩායමේ ඊළඟ සූදානම

    ජනපති හමුවූ IMF කණ්ඩායමේ ඊළඟ සූදානම

    ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයේ වත්මන් තත්ත්වය සහ ඊට විසඳුම් ලබාදීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පස්වරුවේ පැවැත්විණි.

    මෙම සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ලබන 26 වන සිකුරාදා පැවැත්වීමටත්, තාක්ෂණික මට්ටමේ කරුණු සම්බන්ධව මහ බැංකු නිලධාරීන් සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමටත් මෙහිදී තීරණය කර ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානි පීටර් බෘබර්, නියෝජ්‍ය ප්‍රධානි ඔසයිරෝ කොසයිකෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ටුබැගන්ස් යන මහත්වරු සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img