fbpx
තවත්
    මුල් පිටුවspecialවැරදීමකින් පාකිස්ථානයට මිසයිලයක් එල්ල කළ ඉන්දීය හමුදා නිලධාරීන් 3ක් පහකරයි

    වැරදීමකින් පාකිස්ථානයට මිසයිලයක් එල්ල කළ ඉන්දීය හමුදා නිලධාරීන් 3ක් පහකරයි

    ඉන්දියාවේ සිට ඉකුත් මාර්තු මාසයේදී පාකිස්ථානයට අත්වැරදීමකින් එල්ල වූ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් එරට ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකු සේවයෙන් පහ කර ඇත.

    ඉකුත් මාර්තු මාසයේදී මෙම මිසයිලය එල්ල වීමත් සමඟ ඉන්දියාව සහ පාකිස්ථානය අතර යම් උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය.

    අදාල මිසයිල එල්ල වීම සාමන්‍යයෙන් සිදු කෙරන නඩත්තු කටයුත්තකදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූ අත්වැරදීමක් බව නව දිල්ලි බලධාරීන් පවසා තිබිණි.

    කෙසේ වෙතත් මෙම සිදුවීම ඉස්ලාමාබාද් පාලනය දැඩි කෝපයට පත් කිරීමට සමත්වූ අතර එහිදී පාකිස්ථානය ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කිරමින් පවසා සිටියේ එවැනි නොසැලිකිලිමත් කමින් යලිත් සිදුවීම වලක්වා ගැනීමට වහාම පියවර ගතයුතු බවයි.

    ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දිය රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර අද දිනයේද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඉකුත් මාර්තු 9 වැනිදි සිදුවීමට වගකිවයුතු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරදි සේවයෙන් පහ කර ඇති බවයි.

    මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ අත්වැරදීමකින් සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියෙන් පිටතින් කටයුතු කිරීම මගින් මෙම සිදුවී සිදුව ඇති බවට අනාවරණය වී ඇති බවයි.

    අදාල සිදුවීමේදී පාකිස්ථානයට එල්වී තිබුනේ ඉන්දියාව සහ රුසියාව එක්ව නිෂ්පාදනය කරනු ලබන බ්‍රාමොස් මිසයිලයකි. න්‍යෂ්ටික අවි රැගෙනයාමට හැකියාව පවතින මෙම මිසයිල ලොව නවීනතම තාක්ෂණය යොදාගෙන නිපදනවන ලද්දකි.

    කෙසේ වෙතත් පාකිස්ථානය වෙත පතිත වූ මිසයිලයේ න්‍යෂ්ටික අවි සමන්විතව නොතිබුණු අතරම මිසයිලය ජනාවාසවිලින් තොරවූ ස්ථානයට පතිත වීම හේතුවෙන් කිසිවෙකුට හානිය් සිදුව නොතිබිණි.

    සිද්ධිය සම්බන්ධයෙන් විශාල ජාත්‍යන්තර අවධානයක්ද යොමුව තිබුණු අතර එය ඉන්දියාව සහ පාකිස්ථානය අතර යලිත් යුධ ගැටුම් ආරම්භ කිරීමට පවා ඉඩ පැවතිනි බවද ජාත්‍යන්තර විශේලේෂකයින් පෙන්වා දී තිබිණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.