ලෝකයේ මේ වනවිට ආහාර මිල ඉහළම උද්ධමනයක් ඇති රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී තිබේ.
ඒ ලෝක බැංකුව විසින් කරන ලද නවතම තක්සේරුවකිනි.
ලොව වැඩිම ආහාර මිල උද්ධමනයක් ඇති රටවල් 10 ලැයිස්තුවේ ශ්‍රී ලංකාව සිටින්නේ 5 වැනි ස්ථානයටයි.
එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉහළින් පවතින වැඩිම ආහාර මිල උද්ධමනයක් ඇති රටවල් පිළිවෙළින් ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව, තුර්කිය සිටී.
ශ්‍රී ලංකාවට පසුව වැඩිම ආහාර මිල උද්ධමනයක් ඇති රටවල් වන්නේ පිළිවෙළින් ඉරානය, ආර්ජන්ටිනාව, සුරිනේමය, ඉතියෝපියාව සහ මෝල්ඩෝවා රාජ්‍යයන් බව ලෝක බැංකුව පවසයි.
ඉහළ ආහාර මිල වාර්තාගත ලෙස ගෝලීය අර්බුදයක් දක්වා උඩුදුවා ඇති අතර එය තවත් මිලියන ගනනක් අන්ත දරිද්‍රතාවයට, කුසගින්න සහ මන්දපෝෂණයට තල්ලු කරනු ඇති බව ලෝක බැංකුව මේ පිළිබඳ නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ.
අසීරුවෙන් ළඟාකරගත් සංවර්ධනයේ දුෂ්කර ජයග්‍රහණ මකා දැමීමට මෙම තත්ත්වය තර්ජනයක් බව එහි දැක්වේ.
යුක්රේනයේ යුද්ධය, සැපයුම් දාම කඩාකප්පල් කිරීම් සහ COVID-19 වසංගතයේ අඛණ්ඩ ආර්ථික බිඳවැටීම වසර ගණනාවක සංවර්ධන ජයග්‍රහණ ආපසු හැරවීම සහ ආහාර මිල ගණන් එදා මෙදා තුර ඉහළම මට්ටමට තල්ලු කර ඇති බව ලෝක බැංකුවේ අදහසයි.
ආහාර මිල ඉහළ යාම, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල මිනිසුන්ට වැඩි බලපෑමක් ඇති කර ඇත. මන්ද ඔවුන් ඉහළ ආදායම් ලබන රටවල මිනිසුන්ට වඩා ඔවුන්ගේ ආදායමෙන් විශාල කොටසක් ආහාර සඳහා වැය කිරීම ඊට හේතුවයි.
ලොව පුරා රටවල දේශීය ආහාර මිල උද්ධමනය ඉහළ මට්ටමක පවතීන බව එම වාර්තාව පවසයි.
මේ වසරේ අප්‍රේල් සහ ජූලි අතර කාලයේ දත්ත පිරික්සීමේදී සෑම අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පාහේ ඉහළ උද්ධමනයක් පෙන්නුම් කර ඇත.
අඩු ආදායම් ලබන රටවල්වලින් 92.9%ක්, පහළ මධ්‍යම ආදායම් ලබන රටවල්වලින් 92.7%ක් සහ ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල්වලින් 89%ක් උද්ධමන මට්ටම් 5% ට වඩා ඉහළින් පිහිටයි.
බොහෝ රටවල් ඉලක්කම් දෙකක උද්ධමනයක් අත්විඳිති. ඉහළ උද්ධමනය සහිත ඉහළ ආදායම් ලබන රටවල 83.3% ක් පමණ ඉහළ ආහාර මිල උද්ධමනය අත්විඳිති.
2022 අගෝස්තු 11 වන විට, කෘෂිකාර්මික මිල දර්ශකය සති දෙකකට පෙර තිබු අගයට වඩා 1% කින් වැඩි විය. බඩ ඉරිඟු සහ තිරිඟු මිල 2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2% කින් වැඩි වන අතර සහල් මිල 6% කින් පමණ වැඩි වේ. 2021 ජනවාරි සාමාන්‍යයට සාපේක්ෂව බඩ ඉරිඟු සහ තිරිඟු මිල දර්ශක 20% වැඩි වන අතර සහල් මිල දර්ශකය 16% අඩුය.
පවතින ආහාර සුරක්ෂිතතා අර්බුදයට ප්‍රතිචාරයක් ලෙස, ලෝක බැංකු සමූහය කෘෂිකර්මාන්තය, පෝෂණය, සමාජ ආරක්ෂණය, ජලය සහ වාරිමාර්ග වැනි ක්ෂේත්‍රවල පවතින සහ නව ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 30 ක් දක්වා ලබා දෙයි.
මෙම මූල්‍යකරණයට ආහාර සහ පොහොර නිෂ්පාදනය දිරිමත් කිරීම, ආහාර පද්ධති වැඩිදියුණු කිරීම, වැඩි වෙළෙඳාම සඳහා පහසුකම් සැලසීම සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ නිෂ්පාදකයින්ට සහාය දැක්වීමේ උත්සාහයන් ඇතුළත් වේ.
වත්මන් අර්බුදය තුළ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීමට ලෝක බැංකුව රටවල්වලට උපකාර කරයි.