තවත්
    මුල් පිටුවspecial"යුවාන් වැන්ග්-5 නැවෙන් කිසිදු රටක ආරක්ෂාවට ආර්ථිකයට බලපෑමක් නෑ"- චීනය

    “යුවාන් වැන්ග්-5 නැවෙන් කිසිදු රටක ආරක්ෂාවට ආර්ථිකයට බලපෑමක් නෑ”- චීනය

     

    යුවාන් වැන්ග් – 5 චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාව කිසිදු රටක ආරක්ෂක හා ආර්ථික ප්‍රතිලාභයට බලපෑම් එල්ල නොකරන බවත්, එය තුන්වන පාර්ශ්වයක බාධාවන්ට ලක් නොවිය යුතු බවත් චීනය කියාසිටී.

    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව පැවසුවේ, බෙයිජිංහි අද(16) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු  නැගූ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    බෙයිජිං වේලාවෙන් 16වනදා දහවල් කාලයේ ශ්‍රී ලංකා පාර්ශ්වයේ සක්‍රිය සහයෝගතාව ඇතිව යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායේ සාර්ථකව නැංගුරම් ලූ බව වං වෙන්බින් මහතා මෙහිදී පැවසීය. චීනය හා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍රශීලි රටවල් දෙකක් වශයෙන් දිගු කලක් තිස්සේ සමුද්‍රීය විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ සමීප සහයෝගතා පවත්වා ඇත.

     යුවාන් වැන්ග් – 5 නෞකාව සිදුකරන සමුද්‍රීය විද්‍යා පර්යේෂණ ක්‍රියාකාරකම් ජගත් නීතිරීති හා ජගත් රෙගුලාසීන්වලට අනුකූල වේ. එය කිසිදු රටක ආරක්ෂක හා ආර්ථික ප්‍රතිලාභයන්ට බලපෑම් එල්ල නොකරන අතර, තුන්වන පාර්ශ්වයේ බාධාවකට ලක් නොවිය යුතු බව ද ඔහු කියා සිටි‍යේය. 

    Photo – thilina kalutotage

     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img