Home උණුසුම් පුවත් තෙල් ගෙන්වන්න පුළුවන් සමාගම් ගැන සොයාබලන්න කමිටුවක්

තෙල් ගෙන්වන්න පුළුවන් සමාගම් ගැන සොයාබලන්න කමිටුවක්

තෙල් ගෙන්වන්න පුළුවන් සමාගම් ගැන සොයාබලන්න කමිටුවක්

ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා ලියාපදිංචි වූ සමාගම් ඇගයීමට කමිටුවක් පත් කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ඊයේ (05) දිනයේදී එම කමිටුව පත් කළ බවයි.

පසුගියදා ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ආනයන සහ සිල්ලර වෙළෙඳපොළ විවෘත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ඒ අනුව විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගු කාලීනව ගිවිසුම් ගත වී ඉන්ධන ආනයනය, බෙදාහැරීම හා අලෙවිකිරීමට අදාළ සමාගම් වෙත අවස්ථාව ලබාදේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here