සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න අද (24) සමත්විය.
සංචාරක බංගලාදේශය සමග පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කරමින් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න මෙම වාර්තාව පිහිටුවනු ලැබීය. සිය 11 වැනි ශතකයද ඊට පෙර දිමුත් කරුණාරත්න අද දිනයේ වර්තා කරනු කළේය.
දිමුත් කරුණාරත්න මෙම මංගල ද්විත්ව ශතකය වාර්තා කරන්නේ පන්දු 387 කදී හයේ පහර 21 ක් ද සමගිනි.
තරගාවලියේ සිව්වැනි දිනය වන අද සවස තරගය අවසන්වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන්වී තිබුණේ පන්දුවාර 149 කදී කඩුළු 03 ක් දැවී ලකුණු 512 ක් ලෙසිණි. නොදැවී ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න පන්දු 419 දී ලකුණු 234 ක් රැස්කරගෙන තිබුණි.
දිමුත් කරුණාරත්නට ශක්තියක් වෙමින් නොදැවී ක්‍රීඩාකරන ධනංජය ද සිල්වා ද අද (24) සිය 07 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරනු ලැබීය. අද දිනය අවසන් වන විට ඔහු පන්දු 274 කදී ලකුණු 154 ක් රැස්කරගෙන තිබුණි.
සිව් වැනි කඩුල්ලේ ක්‍රීඩාකරන දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා අතර සම්බන්ධතාව ලකුණු 322 කි. සිව්වැනි කඩුල්ලේ ලොව හොදම 13 වන සබදතාව වන්නේ මෙයයි. සිව් වැනි කඩුල්ලේ ලොව හොදම සම්බන්ධතාව ලෙස වාර්තා පොත්වල සටහන්ව ඇත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්වන ඒ.සී. වොජර් සහ එස්.ඊ.මාෂ් තැබූ ලකුණු 449 සම්බන්ධතාවයයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එම වාර්තාව තබා ඇත්තේ 2015 වර්ෂයේදීය.
ක්‍රීඩා විචාරකයන්ට අනුව 2015 දී ඕස්ට්‍රේලියානුවන් තැබූ එම වාර්තාව හෙට (25) දිනයේ බිද වැටීමට ඇති සම්භාවිතාව වැඩිය.
ඕනෑම කඩුල්ලකට ලොව හොදම සම්බන්ධතාව පිහිටුවා ඇත්තේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන ද්විත්වය විසිනි. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව 2006 එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේදීය.එහිදී මේ දෙදෙනා අතර පැවැති වාර්තාගත සම්බන්ධතාව වන්නේ ලකුණු 624 කි. ඒ තුන්වැනි කඩුල්ලේ ක්‍රීඩා කරමිණි.
ලොව දෙවැනි හොදම සම්බන්ධතාවද පිහිටුවා ඇත්තේ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් දෙදෙනකි. එම ක්‍රීඩකයන් වන්නේ සනත් ජයසූරිය සහ රොෂාන් මහනාම යි. ඉන්දියාවට එරෙහිව 1997 වසරේදී ලකුණු 576 ක් ලබා ගනිමින් එම වාර්තාව පිහිටුවන්නේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීය.