තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිට පිට සිදුවන ජාවාරම් නිසා ඉතාලි තානාපති කාර්‍යාලය මෙරටින් ඉවත්වීමේ අවදානමක්

    පිට පිට සිදුවන ජාවාරම් නිසා ඉතාලි තානාපති කාර්‍යාලය මෙරටින් ඉවත්වීමේ අවදානමක්

    ඉතාලි තානාපති කාර්යාලයෙන් සේවය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් විශාල ලෙස මුදල් ලබාගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් තානාපතිනිය දැඩි කලකිරීමකට ලක්ව සිටින බව විශ්වාස තොරතුරු අනාවරණය කළේය.

    මේ තත්ත්වය ගැන තානාපතිනිය අවස්ථා කිහිපයකදීම පොලීසියට, අමතරව ඊට ඉහළ බලධාරීන්වද දැනුවත්කර ඇතත් මෙතෙක් නිසි පියවර ගෙන නැති බව තානාපති කාර්යාල තොරතුරු සඳහන් කළේය.

    මේ තත්ත්වය මත ඉදිරියේදී තානාපතිනිය විසින් ඉතාලි රජය දැනුවත්කර තානාපති කාර්යාලය මෙරටින් ඉවත්කර ගැනීමට කටයුතු කළ හොත් තානාපති සේවය ලබාගැනීමට මෙරට වැසියන්ට යාමට සිදුවන්නේ ඉතාලියටය.

    එවැනි අවධානමක් මේ වන විටත් මතුවී තිබෙන බව තානාපති කාර්යාල තොරතුරු අනාවරණය කළේය.

    මෙම ජාවාරම සිදුවන්නේ තානාපති කාර්යාලයේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පෝලිම් අල්ලා අලෙවි කිරීමකි.

    සංවිධානාත්මකව යම් පිරිසක් පෙරදින රාත්‍රී කාලයේ සිටි පෝලිම්වල රැදී සිටින බවත් ඔවුන් පෝලිමේ ස්ථාන අලෙවි කරනුයේ රුපියල් 15,000 සිට ඉහළට බවත් තානාපති කාර්යාලයට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

    එසේම මේ වන විට තානාපති කාර්යාලයට මෙරට වැසියන්ගෙන් ලැබෙන ලියකියවිලිවලින් සියයට 80ක් පමණ ව්‍යාජ ලේඛන බව ද පෙනී ගොස් ඇත.

    ව්‍යාජ විදෙස්ගමන් බලපත්‍ර ඇතුළු ලියැවිලි ගොන්නක්ම තානාපති කාර්යාලයේ ඇති බව සඳහන්ය.

    ඉදිරියේදී එම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම කෙරෙහිද තානාපති කාර්යාලයේ අවධානය යොමුවී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img