Home උණුසුම් පුවත් ඉන්ධන පෝලිමක සිටි පිරිසකට පිස්තෝලයක් පෙන්වූ හිටපු කමාන්ඩෝ සෙබලා අත්අඩංගුවට

ඉන්ධන පෝලිමක සිටි පිරිසකට පිස්තෝලයක් පෙන්වූ හිටපු කමාන්ඩෝ සෙබලා අත්අඩංගුවට

0
ඉන්ධන පෝලිමක සිටි පිරිසකට පිස්තෝලයක් පෙන්වූ හිටපු කමාන්ඩෝ සෙබලා අත්අඩංගුවට

ගලිගමුවේ සිට හෙට්ටිපොල මළ ගෙදරක ගොස් නැවත යමින් සිටි පිරිසක් ගමන් කළ බස් රථයක සිටි හිටපු කමාන්ඩෝ සෙබලෙක් අලව්ව මොරපිටිය ඉන්ධන පිරවුම්හල අසලදී පෝලිමේ රැදී සිටි පිරිසකට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම වී ඇත්තේ අද අලුයම් කාලයේදීය.

මළ ගෙදරට ගොස් හොද හැටි මත්පැන් පානයකර සිටි පිරිසක් බස් රථයේ ගමන්කර ඇත. බස් රථය ඔවුන් කුලී පදනම මත ලබාගත් එකක් බව පොලීසිය සඳහන් කරයි.

මොරපිටිය ඉන්ධන පිරවුම්හල අසලට බස් රථය ළගා වන විට මාර්ගය අවහිර වන තරමට විශාල පිරිසක් රැදී සිට ඇති බැවින් බස් රථය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ. එම අවස්තාවේදී බස් රථයේ සිටි බීමත් කිහිප දෙනෙක් මාර්ගය අවහිර වන සේ රැදී සිටි පිරිස් වෙත ඉවත්වන ලෙස කළ දැනුම්දීමකදී යම් බහින්බස් වීමක් සිදුව ඇත.

එහිදී බස් රථයේ සිටි හිටපු කමාන්ඩෝ සෙබලා විසින් ජනේලයෙන් පිතටද පිස්තෝලයක් දමා වෙඩි තබන බවට කෑ ගසා තිබෙන බව පොලීසිය කියයි.

ඒත් සමඟම පෝලිිමේ සිටි පිරිස් බස් රථය වටකරගෙන ඉන්ධන පිරවුම්හලේ සිටි පොලිස් නිලධාරීන්ට ඒ බව දැනුම් දී තිබේ. ඒ අනුව පොලීසිය එහි පැමිණ පරීක්ෂාකර බලා පෝලිමේ රැදී සිටි අය සමඟ ගැටුමට මුල පිරූ 06 දෙනෙක් ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ඇහැලියගොඩ, පිංදෙණිය, දියහොදැල්ල, පිලවලගාන හා මල්මඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here