Home special ක්ෂද්‍ර ප්ලාස්ටික් කන චීන රොබෝ මාළුවා

ක්ෂද්‍ර ප්ලාස්ටික් කන චීන රොබෝ මාළුවා

ක්ෂද්‍ර ප්ලාස්ටික් කන චීන රොබෝ මාළුවා

චීන විද්‍යාඥයින් පිරිසක් විසින් මේවන විට ගෝලීය අර්බුදයක් බවට පත්ව තිබෙන සමුද්‍ර්‍යට එක්ව තිබෙන ක්ෂද්‍ර ප්ලාස්ටික් ආහාරයට ගන්නා රෝබෝ මත්ස්‍යකු නිපදවීමට සමත්ව තිබේ.

චීනයේ සිචුවාන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම බොරෝ මත්ස්‍යා නිර්මාණය කර ඇත. ඒ අනුව මෙම රොබෝ මත්ස්‍යා සෙන්ටි මීටර් 1.3ක දිගින් යුක්තය. මෙම මත්ස්‍යා මේවන විටත් සාර්ථකව නොගැඹුරු ජලයේ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් අවශෝණය කිරීම සමත්ව ඇත.

ඒ අනුව මත්ස්‍යා සතු ගැඹුරු මුහුදේ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් අවශෝෂණය කිරීමටත් සමුද්‍ර දූෂණයේ දත්ත රැස් කිරීමට ඇති හැකියාව වර්ධනය කිරීමට පියවරගනමින් සිටින බව එය නිර්මාණය කිරීමට දායක වූ වැංග් යුයාන් පවසයි.

“අපිට ඉතාම කුඩා සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි රෝබෝ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබුණා. එය විවිධ කටයුතු සඳහා යොදා ගැනීමට හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස සංකීර්ණ සහ සියුම් ශෛල්‍යකර්ම වලටත් යොදා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා මෙය සීමාව විශාල පරාසයකට දිව යනවා.” යුයාන් වැඩිදුරටත් පවසයි.

මෙම මත්ස්‍යාගේ විශේෂත්වය වන්නේ කුඩා අලෝක ධාරාවක් යොදාගෙන එය පාලනය කිරීමට හැකියාව පැවතීමයි. ඒ අනුව කුඩා ආලෝක ධාරාව අනුව සිය ගමන් මාර්ගය සකස් කරගැනීමට මෙම මත්ස්‍යයාට හැකියා පවතී. ඒ අනුව මෙම මත්ස්‍යාව ක්ෂුද්‍ර ප්ලාස්ටික් අවශෝෂණය කිරීමට අවශ්‍ය ස්ථාන වෙත පහසුවෙන් යොමු කිරීමේ හැකියාව පවතින බවද යුයාන් සඳහන් කරයි.

යම් ආකාරයකින් මත්ස්‍යකු විසින් මෙම රෝබෝ මත්ස්‍යා ආහාරයට ගතහොත් එය මත්ස්‍යාගේ කුස තුල ජීරණය වන අයුරින් නිර්මාණය කර ඇති බවද යුයාන් විසින් පෙන්වා දෙයි. ඇය පවසන අන්දමට මෙම රෝබෝ මත්ස්‍යාට යම් හානියක් සිදු වුවහොත් එය ස්ව්‍යංක්‍රීයව හඳුනාගෙන යථා තත්ත්වයට පත් වීමටද හැකියාව පවතී බවයි.

ඒ අනුව මෙම නව රොබෝ මත්ස්‍ය දැඩි පාරිසරික ගැටලුවක් විසඳනවා වගේම ඉදිරි රොබෝ තක්ෂණයේද විශාල පෙරලයික් සිදුකිරීමට බොහෝ ඉඩ පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here