තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොටි 34ක රන් සහ මැණික් සමඟ කුඩ්ඩෙක් අල්ලයි

    කොටි 34ක රන් සහ මැණික් සමඟ කුඩ්ඩෙක් අල්ලයි

    ගාලු කොටුවේ පිහිටි රන් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයකට රාත්‍රී කාලයේ ඇතුළු වී රුපියල් කෝටි 34කට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ සහ මැණික් ගල් තොගයක් සොරාගත් මත්කුඩු ලෝලියෙක් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලීසිය සමත්ව ඇත.

    මෙම මත්කුඩු ලෝලියා ඉකුත් 03 වෙනිදා අලුයම 1.00ට පමණ වහලෙන් ඇතුළුවී රන් භාණ්ඩ සහ මැණික් ගල් සොරාගෙන අලුයම 3.30ට පිටව ගොස් තිබේ.

    ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණු මෙම තොරතුරු ඔස්සේ ගාල්ල පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්නගේ මෙහෙයැවීමෙන් පරීක්ෂණ ක්‍රායාත්මක විය.

    ගාල්ල උඩුගම 18 කණුවේ පදිංචිව සිටින මෙම සැකකරු අල්ලාගෙන ඇත්තේ ඊයේ ය. ඔහු බස් රථයක නැගී මත්කුඩු මිලදී ගැනීමට දඩැල්ලට පැමිණෙමින් සිටියදී උපුල සෙනෙවිරත්න මහතාත් ගාල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාපතිද සිල්වා ඇතුළු කණ්ඩායමක් බස් රථය දුහුබැද ගොස් සැකකරුව අල්ලාගෙන තිබේ.

    ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ඔහු පදිංචිව සිටින නිවසේ ගෙවත්තේ වලදමා තිබී සොරාගන්නා ලද රන් භාණ්ඩ සහ මැණික් තොගය සොයාගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img