Home උණුසුම් පුවත් ‘ශ්‍රීලංකන් කෙයාර්ස්’ අත්‍යාවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවට රැගෙන එයි

‘ශ්‍රීලංකන් කෙයාර්ස්’ අත්‍යාවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවට රැගෙන එයි

‘ශ්‍රීලංකන් කෙයාර්ස්’ අත්‍යාවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවට රැගෙන එයි

ලොව පුරා විසිරී සිටින පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ, ගුවන් ප්‍රවාහන ගාස්තුවලින් තොරව, ශ්‍රී ලංකාවේ රෝහල් වෙත රැගෙන ඒමේ කාර්යය ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි ආයතනික සමාජ වගකීම් අංශය වන ‘ශ්‍රීලංකන් කෙයාර්ස්’ භාරගෙන තිබේ.

ඔවුන්ගේ අරමුණ වන්නේ රට තුළ පවතින ඖෂධ හිඟයට මුහුණ දීම සහ රෝහල්වල දැනට අත්‍යාවශ්‍ය ඖෂධවලින් යැපෙන රෝගීන්ට කාලීන සහන සැලසීමයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් ප්‍රංශය, ඉන්දුනීසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, කුවේට් සහ නේපාලය ඇතුළු ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටින පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන ලද හදිසි වෛද්‍ය සැපයුම් ගුවන්ගත කිරීම අඛණ්ඩව සිදු කරනු ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනුග්‍රහය ඇතිව භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වලින් තොරව මෙම වෛද්‍ය සැපයුම් ගුවන් ගත කෙරෙන අතර පසුව එම භාණ්ඩ රිජ්වේ ආර්යා ළමා රෝහල වැනි වෛද්‍ය ආයතන වෙත බෙදා හරිනු ලැබේ.

ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමට උපකාරී වන අනුමැතියන් ලබා ගනිමින් මෙන්ම මෙම භාණ්ඩ තොගය සංවිධානය කිරීම සහ බෙදාහැරීමට සහය ලබාදෙනු ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට රටේ ඉතිහාසයේ උග්‍රතම ඖෂධ හිඟයට මුහුණ දෙමින් සිටින අතර, එහි සේවාවන් මත යැපෙන අයගේ ජීවිත පවා අනතුරට ලක්වීමේ අවධානමක් පවතී.

මෙම තත්ත්වයන් හමුවේ, ශ්‍රීලංකන් කෙයාර්ස් රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ රැගෙන ඒම සඳහා මෙම පියවර ගෙන ඇති අතර එය සැබවින්ම කාලෝචිත මැදිහත්වීමකි.

1 COMMENT

  1. ඉස්පිරිතාල වල නම් සැමදාම බේත් නැහැනෙ. අමාත්‍යවරයා කියන්නේ තියෙනවාය.
    කරුණාකරලා අධ්‍යක්ෂ වරුන්, ඉස්පිරිතාල ලේකම් වරුන් , දොස්තරවරුන් පුටුවේ වාඩිවෙලා හැම තිස්සෙම නැහැ නොකියා අමාත්‍යවරයාටත් ජනතාවටත් ඇත්ත කියන්න.
    ආධාර හම්බවෙන බෙහෙත් වලට මොකද වෙන්නේ.

Leave a Reply to Perumal Gnanapragasom Cancel reply

Please enter your comment!
Please enter your name here