Home ක්‍රීඩා ස්තූතියි..

ස්තූතියි..

ස්තූතියි..

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වුණු තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 3-2ක් ලෙස, තරගාවලියේ ශූරතාව තමන් සතු කරගන්නට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙද්දී අවසන් එක්දින තරගය පැවති කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය අද (24) කහ පාටින් බැබළුණේ ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන් නිසයි.

ඒ දැඩි පීඩාකාරී සමයක මෙරටට පැමිණ මෙරට ක්‍රීඩාලෝලීන්ගේ මුවට සිනහවක් නංවන්නට අවස්ථාවක් ඇතිකළා සේම, ආර්ථික අර්බුදයෙන් බැටකන මෙරට ජනතාවට සහය දෙන ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකයට හඬක් නැඟූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට සිය ආදරය, කෘතගුණ සැළකීම පෙන්වීමට ලාංකික ක්‍රිකට් ලෝලීන් කහ පැහැ ඇඳුමින් සැරසී අද ක්‍රිකට් පිටිය වර්ණවත් කර තිබුණේ හද පිරි ස්තූතිය ද පුදකරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here