තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෙල්ගම අල්ලස් නඩුවකින් නිදහස්

    වෙල්ගම අල්ලස් නඩුවකින් නිදහස්

    අල්ලස් කොමිසම ගොනුකරන ලද නඩුවකින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    ඒ කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩු සිදුකළ බවට ගොනු කර ඇති නඩුවෙනි.

    මෙම නඩුව විභාග කෙරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේයි.

    කුමාර වෙල්ගම මහතා මීට පෙර පැවති නඩු විභාගයේදී මූලික විරෝධතාවක් මතුකරමින් මෙම නඩුව පැවරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන් දෙනාගෙන් ලිඛිත අනුමැතිය ඉදිරිපත් කර නැති බැවින් නඩුව පවරාගෙන යාමට නොහැකි බවට විරෝධතා මතු කෙරුණි.

    ඒ අනුව අදාළ විරෝධතාව මත අල්ලස් කොමිසම යළි නඩුපැවරීමේ අයිතිය රඳවා ගනිමින් එය ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දුනි.

    අදාළ නඩුව ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දීමෙන් පසු කුමාර වෙල්ගම මහතා මෙම නඩුවෙන් නිදහස් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. ආදරය දුන් පිරිස්ස හා රටවල් හිතෙන්නෙ ආධාර භාණ්ඩ දුප්පතුන්ට බෙදා දෙන්න ඇති බවයි.
      අවංකවම සැලසුම් කර බෙදා දීමට නිලධාරීන් සහ බලධාරීන් බිහිවෙලා නැහැ! වාසනාවන්ත කමකට පිරිස් ඉන්නවානම් වාර්තා කරන්න රටට කරන්න උතුම් සේවය.

    Leave a Reply to P.GnanapragasomCancel reply

    spot_img
    spot_img