Home උණුසුම් පුවත් ඕස්ට්‍රේලියාවට එරෙහිව 30 වසරකට පසු ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

ඕස්ට්‍රේලියාවට එරෙහිව 30 වසරකට පසු ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

ඕස්ට්‍රේලියාවට එරෙහිව 30 වසරකට පසු ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

ඕස්ට්‍රේලියාවට එරෙහි තරග පහකින් සමන්විත එක් දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 3-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් මෙසේ ශ්‍රී ලංකාවේදි තරගාවලි පරාජයක් ලැබුවේ වසර 30කට පසුවය.

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද(21) පැවැති සිවුවැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 258කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.

පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකාව ලකුණු 258ක් ලබාගන්නා විට විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ශතකයක් වාර්තා කළේය.

අනතුරුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පහසුවෙන් සිය ඉලක්කය කරා යාමට සූදානම් වුවත් ශ්‍රි ලංකා පන්දු යවන්නෝ ඒ මග අසීරු කළේය. ඕස්ට්‍රේලියාව ප්‍රභල ශක්තියක් ගෙන දුන් ඩේවිඩ් වෝනර් ලකුණු 99කට දවා ගැනීමට ධනංජය සිල්වා සමත්විය.

ශ්‍රී ලංකාව 258 (49)

ඕස්ට්‍රේලියාව 254 (50)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here