තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි දින 4 පෙට්‍රල් පෝලිම්වලට යන්න එපා - නැව් එන දිනත් ඇමති...

    ඉදිරි දින 4 පෙට්‍රල් පෝලිම්වලට යන්න එපා – නැව් එන දිනත් ඇමති කියයි

    ඉදිරි දින 3-4 තුලදී පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කරයි.

    අද වන විට මෙරට ඇති ඉන්ධන සංචිතය ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 8,300ක් CPC සතුව ඇති බවත් LIOC සමාගම සතුව පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් පවතින බවද බලශක්ති අමාත්‍යවරයා කියා සිටී.

    ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නෞකාවන් ලෙස මෙම මස 23 වෙනිදා පෙට්ට්‍රල් රැගත් නෞකාවක් සහ 24 වෙනිදා ඩීසල් රැගත් නෞකාවක් පැමිණීමට නියමිතයි.

    මෙම මස 29 වෙනිදා සහ ජුලී මස 10 වෙනිදා බොර තෙල් රැගත් නෞකාවන් දෙකක් පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යවරයා කීය.

    ඉදියේදී ත්‍රිරෝද රථ, පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ, සෞඛ්‍ය සේවා ද ඇතුළුව අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා දින වෙන් කර ඉන්ධන බෙදා දීමේ වැඩපිළිවලක් සුදානම් කරමින් සිටින බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටී.

    ත්‍රිකුණාමලය පර්යන්තයේ රඳවා ඇති පෙට්‍රල් මෙට්‍රික් ටොන් 10,000කට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන දෛනිකව අමතර පෙට්‍රල් තොග වෙළෙඳපොළට නිකුත් කරන ලෙස ලංකා අයිඕසී සමාගමෙන් ඉල්ලා ඇති බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    පවතින ගෑස් හිඟය හේතුවෙන් මහජනතාවට භූමිතෙල් ලබාදීමේදී ක්‍රමවත් වැඩපිළිවලක් සකස් කරලීම සඳහා ඉදිරියේදී තෝරා ගත් පෞද්ගලික අංශයේ ස්ථාන කිහිපයක් ලියාපදිංචි කොට ඒ හරහා භූමිතෙල් බෙදා හැරීමේ හැකියාව ගැන සොයා බලමින් සිටින බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරයි.

    මෙරටට අවශ්‍ය ඉන්ධන ඉල්ලුම සැපයීම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණක් සිදුකළ නොහැකි බවත් ලංකා IOC වැනි තවත් සමාගම් මෙරට ඉන්ධන සැපයුම් ක්‍රියාවලියට එක් කර ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටි.

    පවතින ඉන්ධන අර්බුදය හමුවේ හැකි තරම් ගමන් බිමන් සීමා කරන ලෙසත්, සාමාන්‍ය ජනතාව විනෝද ගමන් යෑමෙන් වලකින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img