Home උණුසුම් පුවත් මගී බස්වලට තෙල්ගහන්න බැස්ටියන් මාවතට පිරවුම්හලක්

මගී බස්වලට තෙල්ගහන්න බැස්ටියන් මාවතට පිරවුම්හලක්

0
මගී බස්වලට තෙල්ගහන්න බැස්ටියන් මාවතට පිරවුම්හලක්

පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට පිටකොටුව බැස්ටියන් මාවතේ බස් නැවතුම්පොළ භූමියේ ඉන්ධන පිරවුම් හලක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

අද වන විට එහි ඉන්ධන පිරවීම සඳහා ටැංකියක් ද සවිකර ඉන්ධන පොම්පයක් ස්ථාපිත කර ඇත.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අදහසකට අනුව පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම වෙනුවෙන් මෙම ඉන්ධන පිරවුම්හල ස්ථාපිත කර තිබේ.

මෙවැනිම තවත් ඉන්ධන පිරවුම්හලක් කොට්ටාව මාකුඹුරේද ස්ථාපිත කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here