තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අද සිට රාජ්‍ය පාලනයේ කිසිදේකට සම්බන්ධ වෙන්නේ නෑ" - බැසිල් ලියුම දී...

    “අද සිට රාජ්‍ය පාලනයේ කිසිදේකට සම්බන්ධ වෙන්නේ නෑ” – බැසිල් ලියුම දී යයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ.

    ඔහු පවසන්නේ අද සිට රාජ්‍ය පාලනයෙන් මුළුමනින්ම තමා ඉවත් වී කිසිදු දෙයකට සම්බන්ධ නොවන ‍අතර තවදුරටත් දේශපාලනයේ රැඳී සිටින බවයි.

    “මම ආවේ මුදල් ඇමතිකම ගන්න කිව්ව එකටනේ. පාර්ලිමේන්තුවට මම අයිති නෑ කියලා මම හිතනවා. මම මගේ උපරිම ශක්තියෙන් වැඩකළා. සුදුසු පුද්ගලයෙක් පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට ගේන්න ඉඩදෙන්න මම ඉවත් වෙන බව දැනුම් දෙන්න කැමතියි.”

    තමා ලංකාවට පැමිණියේ 2015න් පසු තමා දූෂිතයෙක් යැයි චෝදනා කරමින් ඉදිරිපත්කෙරුණු නඩුවලට පෙනී සිටීමටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වීමට හේතුව තමා බවට චෝදනා එල්ලවීමත් නිවැරදි කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. එසේ නොමැතිව ඇමතිකම් දැරීමට තමාට අරමුණක් නොතිබුණු බවද ඔහු පෙන්වා දෙයි.

    තමාට එරෙහිව තිබුණු අවසාන නඩුවත් ඉකුත් සතියේ අවසන්වූ බවත් මහින්ද රාජපක්ෂ මහතාව ජයග්‍රාහණයකර ඉහළ තනතුරකට පත්කෙරුණු බවත් බැසිල් රාජපක්ෂ මහතා කීය. ඒ අනුව තමාගේ අරමුණු මේ වන විට ඉටුවී ඇති බවද ඔහු සඳහන් කළේය.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img