තවත්
    මුල් පිටුවspecialරාජ්‍ය වෙසක් මංගල්‍යයෙන් තෙද වැඩුණු කූරගල පිංබිම

    රාජ්‍ය වෙසක් මංගල්‍යයෙන් තෙද වැඩුණු කූරගල පිංබිම

    යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද පුරාවිද්‍යාත්මක වටිනාමකින් යුත් ප්‍රාග් ඓතිහාසික විහාරස්ථානයක් වන කල්තොට, කූරගල ආරණ්‍ය සේනාසනයේදී සතියක් පුරා පැවති රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්ති උත්සවය මැයි මස 21-22 යන දෙදින තුළ බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

    අභිනව ධාතු මන්දිරයට බුද්ධ පූජාව පැවැත්වීම සහ භික්ෂූන් වහන්සේලා උදෙසා දානය පිරිනැමිමේ උතුම් අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    එහිදි චෛත්‍ය වෙත අළංකාර පෙරහැරකින් ගොස පුද පූජා පැවැත්වීම සහ වත්පිළිවෙත් ඉටු කිරීම, අෂ්ටපාන පූජාව සහ ගිලන්පස ලොවුතුරා බුදු පියාණන් උදෙසා පූජා කිරීම මෙන්ම සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත අවසන් භක්ති ගීත සංදර්ශනය ඉරිදා (22) දින විචිත්‍රවත් අයුරින් පවත්වන ලදී.

    සබරගමුව පළාතේ පිහිටා ඇති කූරගල රජමහා විහාරස්ථානය නමින් ප්‍රකට පුරාණ බෞද්ධ ආරාමය, ඓතිහාසික ලෙන් විහාරය වසර 2300 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි.

    පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන්ගේ අනුපමේය කැපවීමෙන් හ‍ා සැදැහැවත් බෞද්ධ බැතිමතුන්, යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රමුඛ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ශ්‍රම දායකත්වය තුලින් මෙම බෞද්ධ විහාරස්ථානය වෙත වසරකට අඩු කාලයක් තුල නව පුනර්ජීවයක් ලැබීය.

    විචිත්‍රවත් ආගමික සහ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත කූරගල රාජ්‍ය වෙසක් උත්සවයේ නිමාව එසේ සනිටුහන් විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img