fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිංගප්පූරුවේ චැංගි සම්මාන උළෙලේදී ශ්‍රීලංකන් ගුවන් සේවයට සම්මානයක්

    සිංගප්පූරුවේ චැංගි සම්මාන උළෙලේදී ශ්‍රීලංකන් ගුවන් සේවයට සම්මානයක්

    ශ්‍රීලංකන් ගුවන් සමාගම කොවිඩ් වසංගතය මධ්‍යයේ අඛණ්ඩ ගුවන් සේවා සම්බන්ධතා පවත්වාගෙන යාම, සම්පූර්ණයෙන්ම එන්නත් කළ මගීන්ට සංචාරක කටයුතු සලසා දීම සහ මගීන්ගේ ගුමන් ගමන් සඳහා සහාය වීමට දරන උත්සාහයන් අගයමින් 15 වැනි චැංගි ගුවන් සේවා සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය සම්මානයෙන් (Resilience Award) පිඳුම් ලැබීය. ගුවන් සේවය පසුගිය වසර දෙක තුළ සිංගප්පූරුවේදී සම්මානයට පාත්‍ර වූ තුන්වන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

    සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ කාර්යබහුලම මගී සහ භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන අතර ලෝකයේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ගුවන් තොටුපළ වේ. Skytrax විසින් වසර අටක් අඛණ්ඩව ලොව හොඳම ගුවන් තොටුපළ ලෙස නම් කළ ලොව එකම ගුවන් තොටුපළ ද වන්නේ ද මෙම ගුවන් තොටුපළයි.

    චැංගි ගුවන් තොටුපළ වැනි ලෝක මට්ටමේ කීර්තිමත් ගුවන් තොටුපළකින් පිළිගැනීමට ලක්වීම, ඉතා අසීරු කාලවලදී පවා පාරිභෝගිකයින්ට කොළඹ සහ සිංගප්පූරුව අතර බාධාවකින් තොරව සම්බන්ධතාවක් ලබා දීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ දරන ලද අඛණ්ඩ කැපවීම පෙන්නුම් කිරීමකි.

    චැංගි ගුවන් තොටුපළේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අතින් සම්මානය භාර ගැනීමෙන් පසු අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ අග්නිදිග ආසියාවේ සහ ඕස්ට්‍රේලියානු කලාපීය කළමනාකරු මොහාන් මීගොල්ල මහතා මෙසේ පැවසීය.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ අග්නිදිග ආසියාවේ සහ ඕස්ට්‍රේලියානු කලාපීය කළමනාකරු මොහාන් මීගොල්ල මහතා චැංගි ගුවන් තොටුපළේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අතින් සම්මානය භාර ගනිමින්.

    “අපගේ විශිෂ්ට කණ්ඩායමට ස්තූතිවන්ත වන්නට අපගේ වටිනා පාරිභෝගිකයින්ට උසස් සේවාවක් සැපයීමට අපි කටයුතු කරනවා. සිංගප්පූරුව වැනි විශාල කේන්ද්‍රස්ථානයක අපගේ උත්සාහයන් කිහිප වතාවක්ම ඇගයීමට ලක්කිරීම සතුටට කරුණක්. ” යැයි ඒ මහතා පෙන්වා දුන්හ.

    සිංගප්පූරුවේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් දිනාගත් මින්පෙර සම්මාන අතරට සිංගප්පූරු භාණ්ඩ ප්‍රවාහන ආයතන විසින් සංවිධානය කරන ලද සම්මාන උළෙලේ දී ‘විශිෂ්ඨතා සම්මානය’ සහ 2020 දී Absolute Cargo Growth විසින් හොඳම ගුවන් සේවා පහක් ලෙස නම් කිරීම ඇතුළත් වේ. ශ්‍රීලංකන් ගුවන් සේවය මෑතකදී සිය දීර්ඝතම කාලසටහන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන( පැය 36 ) සිංගප්පූරුව හරහා ක්‍රියාත්මක කළේය.

     

     

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.