Home දේශීය පුවත් පොලිස් ලේකම් සී.අයි.ඩී.යට කිව්ව දේ

පොලිස් ලේකම් සී.අයි.ඩී.යට කිව්ව දේ

අරලියගහමන්දිරය දෙස සිට පැමිණෙන පිරිස ගාලුමුවදොර වට රවුමෙන් හරවා යවන බව තමාට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබේ.

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලේකම්වරයාගෙන් අද ප්‍රකාශ ලබාගන්නා අවස්ථාවේදී ඔහු එසේ පවසා තිබෙන බව තතුදත් තොරතුරු අනාවරණය කළේය.

එහිදී තමා දේශබන්දු තෙන්නකෝන් මහතාට පැවසුවේ ඒ විදිහට කිරීම සුදුසු බව මිස පහරදීමට පැමිණි පිරිසට ගාලුමුවදොරට නිදහසේ ඇතුළුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස නොවන බව ද ලේකම්වරයා එහිදී සඳහන් කර තිබේ.

පොලිස්පතිවරයා ලබාදී ඇති උපදෙස්වලට අනුව ක්‍රියාකරන ලෙසද තමා දේශබන්දු තෙන්නකෝන් මහතාට එහිදීද පවා දැනුම් දුන් බවද සිය කටත්තරයේ ලේකම්වරයා පවසා ඇත.

පැය එකහාමාරක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතාගෙන් ප්‍රකාශ සටහන්කර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here