fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිවි රඟ මඬලෙන් බැසයන ස්වර්ණා කහවිට

    දිවි රඟ මඬලෙන් බැසයන ස්වර්ණා කහවිට

    සිංහල සිනමාවේ 60 සහ 70 දශක වල ජනප්‍රිය නිළියකව සිටි ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට මහත්මිය අද (23) අභාවප්‍රාප්ත වූවාය.

    වසර 50 අදික කාලයක් මෙරට සිනමාව පෝෂණ කළ ඇය 1969 වසරේදී තිරගතවූ බිනරමලී චිත්‍රපටයේ රංගනයට එක්වෙමින් සිය රංගන ජීවිතය ආරම්භ කළාය.

    ඉන්පසුව ඔන්න මාමේ කෙල්ල පැනපි,රෑන ගිරවු, පූජිතයෝ,රංඔන්චිල්ලා, අභිරහස,හොඳයි නරකයි, සිරිල්මල්ලී,සූරයා සූරයාමයි,හරිම බඩු තුනක්,උන්නත් දාහයි මලත් දාහයි, ලස්සන දවසක් ඇතුළු සිනමා පට 35ට සිය රංගන දායකත්වය සැපවූවාය.

    ”බිනරමලී” චිත්‍රපටයේ බිනරමලී ලෙස මුල්වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ඇය 1970 වසරේදී එම චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

    ප්‍රවීණ සිනමාපත්‍ර කලාවේදී ආරියරත්න කහවිට ඇයගේ වැඩිමල් සොහොයුරායි.

    ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී හෙට (24) පස්වරු 4.30ට පැවැත්වෙයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.