Home උණුසුම් පුවත් නව අමාත්‍යවරු 08 දෙනෙක් ජනපති ඉදිරියේ දිවු රුම් දෙයි

නව අමාත්‍යවරු 08 දෙනෙක් ජනපති ඉදිරියේ දිවු රුම් දෙයි

0
නව අමාත්‍යවරු 08 දෙනෙක් ජනපති ඉදිරියේ දිවු රුම් දෙයි

‍නව කැබිනට් අමාත්‍යවරු 08 දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.

ඩග්ලස් දේවානන්ද මහතා ධීවර අමාත්‍යවරයා ලෙසත් ,බන්දුල ගුණවර්ධණ මහතා ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් , මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙසත්, රමේෂ් පතිරණ මහතා කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, විදුර වික්‍රමනායක මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසත් , අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් , රොෂාන් රණසිංහ මහතා වාරිමාරිග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙසත් ඒ අනුව අද දිවුරුම් දුන්නේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙයට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත්, රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් ඉකුත් සතියේ ජනාධිපති ඉදිරියේ දිවුරුම් දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here