Home උණුසුම් පුවත් දෛනික ගෑස් බෙදිල්ල ගැන කෝප් කමිටුවෙන් ලීට්‍රෝ වෙත නිර්දේශයක්

දෛනික ගෑස් බෙදිල්ල ගැන කෝප් කමිටුවෙන් ලීට්‍රෝ වෙත නිර්දේශයක්

දෛනික ගෑස් බෙදිල්ල ගැන කෝප් කමිටුවෙන් ලීට්‍රෝ වෙත නිර්දේශයක්

ලීට්‍රෝ සමාගමෙන් දෛනිකව බෙදන ගෑස් සිලින්ඩරවලින් 60%ක් පමණ කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදාහැරීමට කටයුතු කරන ලෙස, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද ලීට්‍රෝ ගෑස් ලංකා සමාගමට නිර්දේශ කර තිබේ.

අධික ජනගනත්වයක් පවතින සහ විකල්ප බල ශක්ති ප්‍රභවයන් සීමා සහිත බැවින් එම දිස්ත්‍රික් සඳහා ගෑස් සැපයීමේදී වැඩිකොටසක් බෙදාහැරීමට මෙලෛස නිර්දේශ කර තිබුණේ කෝප් කමිටුව හමුවට ලීට්‍රෝ ගෑස් සමාගමේ බලධාරීන් අද කැඳවා තිබූ අවස්ථාවේදී ය.

රට තුළ ඇති ගෑස් හිඟ අර්බුදය හමුවේ තොග ලද පසුව ගෑස් බෙදාහැරීම සඳහා සුදුසු ක්‍රමවේදය සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම නිර්දේශය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here