තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගම්පහ පිරවුම්හල් 04කට ඉන්ධන නොදීමට සංස්ථාව තීරණය කරයි

    ගම්පහ පිරවුම්හල් 04කට ඉන්ධන නොදීමට සංස්ථාව තීරණය කරයි

    ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් 04කට ඉන්ධන සැපයීම අත්හිටුවීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාන පියවර ගෙන තිබේ.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපදෙස් සහ නීතිරීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් එම ඉන්ධන පිරවුම්හල් වෙත චෝදනා එල්ලවීම හේතුවෙන් එම පියවර ගෙන ඇත.

    මාකොළ දකුණ, ගම්පහ නාල්ල, කැලණිය පෙතියාගොඩ සහ මීරිගම යන ඉන්ධන පිරවුම්හල් 04 ට මෙසේ ඉන්ධන සැපයීම අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.

    මෙම ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කිිරීමට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img