Home උණුසුම් පුවත් දෙනවා කිව්වට‍ නොදුන්නේ ඇයි? – අගමැතිගෙන් ලීට්‍රෝ වෙත නියෝගයක්

දෙනවා කිව්වට‍ නොදුන්නේ ඇයි? – අගමැතිගෙන් ලීට්‍රෝ වෙත නියෝගයක්

දෙනවා කිව්වට‍ නොදුන්නේ ඇයි? – අගමැතිගෙන් ලීට්‍රෝ වෙත නියෝගයක්

ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ දිනයේදී ගෑස් ගොඩබෑමට කටයුතු කරන බවට සහතික වී තිබියදී එසේ නොකිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ලීට්‍රෝ සමාගමේ සභාපතිවරයාගෙන් කරුණු විමසීමක් කර තිබේ.

එමෙන්ම ලීට්‍රෝ සමාගමේ නිලධාරී කෝප් කමිටුවට කැඳවිය යුතු බවට ද අගමැතිවරයා අදාළ අංශ වෙත ඉල්ලීම් කර ඇතැයි ද ඔහු සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියාසිටී.

“ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ දිනයේදී ලොරි රථ මගින් ගෑස් ගොඩබෑමට කටයුතු කරන බවට සහතිකයක් ලබාදුන්නද එය සිදුවී නොමැත. වහාම පැහැදිලි කිරීමක් කරන ලෙස මම සභාපතිවරයාට උපදෙස් දුනිමි. ඒ වගේම ලිට්‍රෝ නිලධාරීන්වත් කෝප් කමිටුව කැඳවන්න කියලා මම ඉල්ලීමක් කර ඇත්තෙමි” යැයි ද අගමැතිවරයා කීය.

ඊයේ දිනයේදී සැලසුම් කර තිබූ පරිදි ගෑස් ගොඩබෑම අහිතකර කාලගුණික තත්ත්වය හමුවේ කළ නොහැකි වූ බවට ලීට්‍රෝ සමාගම ඊයේ පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here