තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්6 වැනි වරටත් රනිල් අගමැති - දිවුරුම අද

    6 වැනි වරටත් රනිල් අගමැති – දිවුරුම අද

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6ට ජනාධිපති මන්දිරයේදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම් වෙමින් ඇතැයි වාර්තා වේ.

    එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය පවසන්නේ දැනටමත් අදාළ සියලු සාකච්ඡා අවසන් කර ඇති බවයි.

    රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි.

    ඊයේ රාත්‍රියේ මෙම එකගතාවන් ඇතිව තිබෙන්නේ ඒ අනුවයි.

    රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අවස්ථා පහකදී මෙරට අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කර ඇති බැවින් මෙවර ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img